මේ සඳහා SPT (Standard Penetration Test) බහුලව යොදා ගන්නවා. මෙහිදී Soil Samples ලබා ගැනීමත්සිදු කරනවා. මීට අමතරව පාංශු ස්තර වල Undisturbed Samples (UD Samples) ලබා ගැනීමත් Rock Samples ලබා ගැනීමත්සිදු කරනවා.
Ground Water Level එක බලා ගැනීමද මෙහි අනිවාර්ය දෙයක්.
පහත දැක්වෙන්නේ ලංකාවේ බහුලව මේ සඳහා යොදා ගන්නා machine එක. Rotary + Wash Boring Techniques මෙහිදී යොදා ගන්නවා.
SPT කරන්නේ පහත දැක්වෙන Split Spoon Sampler එකෙනි.
මෙහිදී 63.5 kg ස්කන්ධයක් 762 mm උසකින් Sampler එක මතට නිදහස් කරනවා. මෙමගින් බලන්නේඒ ඒ ස්තර වලදී Split Spoon Sampler එක 450 mm ක් කිඳා බැසීමට අවශ්‍ය නිදහස් කිරීම් ගනනයි. (150 mm කිඳාබැසීම් 3 ට ගනන් කරයි)
මෙහිදී ලබා ගන්නා SPT Soil Samples, Classification Tests වලට පරීක්ෂණාගාරයට ගෙන එනු ලබනවා. පහත දැක්වෙන්නේ බහුලව යොදා ගන්න පරීක්ශණ වේ.
- · Particle Size Distribution from Sieve Analysis
- · Atterberg Limits Test
- · Specific Gravity
- · Moisture Content
- · Particle Size Distribution by using Hydrometer
මීට අමතරවලබා ගත් Undisturbed Samples පහත දැක්වෙන පරීක්ශණසඳහා යොදා ගනී
- · 1-D Consolidation Test
- · Tri-axial Shear Test
- · Permeability Test
ලබා ගත් rock Samples බහුලව පහත දැක්වෙන පරීක්ශණ සඳහා යොදා ගනී
- · Unconfined Compressive Strength
- · Point Load Test

