Wednesday, January 10, 2018

What are Borehole Investigations? මොනවද මේ Borehole Investigations???

අද කාලේ construction වලදි borehole investigations අනිවාර්යය අංගයක් වෙලා තියෙනවා. මේකේ ප්‍රදාන අරමුණ තමයි පොලොව යට තියෙන පාංශු ස්ථර හදුනා ගැනීමත්, එම ස්තර වල design strength parameters වන Cohesion (C) හා friction angle (ϕ) නිශ්චය කිරීමට අවශ්‍ය දත්ත ලබා ගැනීමත්ය.

මේ සඳහා SPT (Standard Penetration Test) බහුලව යොදා ගන්නවා. මෙහිදී Soil Samples ලබා ගැනීමත්සිදු කරනවා. මීට අමතරව පාංශු ස්තර වල Undisturbed Samples (UD Samples) ලබා ගැනීමත් Rock Samples ලබා ගැනීමත්සිදු කරනවා.
Ground Water Level එක බලා ගැනීමද මෙහි අනිවාර්ය දෙයක්.


පහත දැක්වෙන්නේ ලංකාවේ බහුලව මේ සඳහා යොදා ගන්නා machine එක. Rotary + Wash Boring Techniques මෙහිදී යොදා ගන්නවා.

SPT කරන්නේ පහත දැක්වෙන Split Spoon Sampler එකෙනි.

මෙහිදී 63.5 kg ස්කන්ධයක් 762 mm උසකින් Sampler එක මතට නිදහස් කරනවා. මෙමගින් බලන්නේඒ ඒ ස්තර වලදී Split Spoon Sampler එක 450 mm ක් කිඳා බැසීමට අවශ්‍ය නිදහස් කිරීම් ගනනයි. (150 mm කිඳාබැසීම් 3 ට ගනන් කරයි)


Borehole machine එකෙන් අවශ්‍ය ගැඹුරට ගොස් SPT කරනු ලබයි. සාමාන්‍යයෙන් සෑම 1 m ගැඹුරක් පාසාම (1m,2m,3m ….) අවශ්‍ය ගැඹුර එන තෙක් හෝ rock layer එක හමු වන තෙක් SPT කරනු ලබයි.

මෙහිදී ලබා ගන්නා
SPT Soil Samples, Classification Tests වලට පරීක්ෂණාගාරයට ගෙන එනු ලබනවා. පහත දැක්වෙන්නේ බහුලව යොදා ගන්න පරීක්ශණ වේ.



  • · Particle Size Distribution from Sieve Analysis
  • · Atterberg Limits Test
  • · Specific Gravity
  • · Moisture Content
  • · Particle Size Distribution by using Hydrometer

මීට අමතරවලබා ගත් Undisturbed Samples පහත දැක්වෙන පරීක්ශණසඳහා යොදා ගනී

  • · 1-D Consolidation Test
  • · Tri-axial Shear Test
  • · Permeability Test

ලබා ගත් rock Samples බහුලව පහත දැක්වෙන පරීක්ශණ සඳහා යොදා ගනී

  • · Unconfined Compressive Strength
  • · Point Load Test
ගල විදීම බොහෝ විට සිදු වන්නේ Design Engineer, foundation type එක piling වලින් සිදු කිරීමට තීරණය කළ විටය.